නිපා වෛරසයෙන් ද. ඉන්දියාවේ පුද්ගලයින් 14 ක් මරුට

නිපා වෛරසයෙන් ද. ඉන්දියාවේ පුද්ගලයින් 14 ක් මරුට

by Hashini De Mel 31-05-2018 | 11:33 AM

COLOMBO (News 1st) - නිපා වෛරසයෙන් දකුණු ඉන්දියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම වෛරසයේ පැතිරීම හමුවේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් නැවුම් එළවළු සහ පළතුරු ආනයනය තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජයය පියවර ගත් බවයි. මෙම වෛරසය මොළයට දැඩි හානි සිදු කරන දුර්ලභ වෛරසයක් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඉන්දියාවේ කේරල ප්‍රාන්ත වැසියන්ට නිපා වෛරසය වැලඳී ඇත්තේ බංග්ලාදේශ වැසියන්ගෙන් බවට ද විද්‍යාඥයන් සැක පළ කරණු ඇත. ඉන්දියාවේ වෛරසය ආසාදනයවුවන් 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.