සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සැරසේ

ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සැරසේ

by Hashini De Mel 31-05-2018 | 8:42 AM

COLOMBO (News 1st) - ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් වී අළෙවි මණ්ඩලයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි. ගොවිජනතාව ගසාකෑම වැළැක්වීම සඳහා වී අළෙවි මණ්ඩලය විසින් පියවර ගන්නා අතර ඒ අනුව රජයේ සහතික මිල යටතේ, ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස වී අළෙවි මණ්ඩලයේ නව සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.