ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සැරසේ

ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සැරසේ

ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සැරසේ

කර්තෘ Hashini De Mel

31 May, 2018 | 8:42 am

COLOMBO (News 1st) – ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් වී අළෙවි මණ්ඩලයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි.

ගොවිජනතාව ගසාකෑම වැළැක්වීම සඳහා වී අළෙවි මණ්ඩලය විසින් පියවර ගන්නා අතර ඒ අනුව රජයේ සහතික මිල යටතේ, ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස වී අළෙවි මණ්ඩලයේ නව සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.