by Hashini De Mel 30-05-2018 | 4:55 PM
COLOMBO (News 1st) - හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
මෙහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් තීන්දු කළේ, අදාළ පෙත්සම ලබන මස 14 වන දා යළි කැඳවීමටයි.
ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය එදින දක්වා බල පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්ව සිටින හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.