බිංගරියේ පුද්ගලයෙක් 4ක් කපා කොටා දිවි නසාගනී

බිරිඳ ඇතුළු ති දෙනෙක් කපා කොටා දරුවා ඝාතනය කර පියා දිවි නසාගෙන

by Sagarika Chathumali 30-05-2018 | 8:42 PM

COLOMBO (News 1st) : බිංගිරිය, ඉහළ කඩිගමුව ප්‍රදේශයේදී සිය පවුලේ සාමාජිකයින් 3 දෙනෙකු කපා කොටා තුවාල සිදුකර කපා කොටා සිය දරුවා ද ඝාතනය කළ පුද්ගලයෙකු පසුව සිය දිවි හානි කර ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, අද පස්වරුවේ මෙම අපරාධය සිදු කර ඇති බවයි. සැකකරු සිය බිරිඳ, ඇයගේ මව හා පියා කපා කොටා තුවාල සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. කලක් නිවසින් බැහැරව සිටි මෙම පුද්ගලයා අද පස්වරුවේ නිවසට පැමිණ මෙම අපරාධය සිදු කර, සිය දිවි හානිකර ගෙන තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තිදෙනා මේ වන විට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසී ය. මරණකරුගේ හිස හා මුහුණු ප්‍රදේශය හඳුනාගත නොහැකි අයුරින් දැඩි ලෙස හානිවී ඇති අතර පොලිසිය සැක කරන්නේ ඔහු හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍යයක් යොදාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවයි. https://www.youtube.com/watch?v=bSL_PMIRIkE