"මම දන්නේ නැහැ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා"

"මම දන්නේ නැහැ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා" - ජනපති

by Hashini De Mel 30-05-2018 | 4:45 PM

COLOMBO (News 1st) - අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සැමරුම් උත්සවය අද කොළඹදී පැවැත්විණ.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබු අතර උන්වහන්සේ විසින් සිදුකළ ජාතික, ශාසනික මෙහෙවර ඇගයීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී අද මෙම උත්සවය සංවිධානය කර තිබිණ. වසර තුනක් ඇතුළත සිදුවූ දේ පිළිබඳව විවෘත සංවාදයකට ද ජනාධිපතිතුමා මෙහිදී අභියෝගයක් කළේ ය. සෝභිත හිමියන් අපේක්ෂාවන් විනාශ කළේ, කවුරුන් දැයි එහිදී ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ ය. ජනාධිපතිවරයා එහිදී  වැඩිදුරටත් පැවසුවේ, දින 100 වැඩසටහන සකස් කළේ, කවුරුන් ද යන්න සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කැබිනට් මණ්ඩලය නියෝජන කිරීම නිසා රටට නොගැළපෙන දේවල් රැසක් වළකා ගත හැකි වූ බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.