එළවළු මිල ගණන් ඉහළට

එළවළු මිල ගණන් ඉහළට

by Staff writer 30-05-2018 | 7:06 AM
COLOMBO (News 1st) - එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. අප වාර්තාකරුවන් පැවසුවේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හා මැනිං වෙළෙඳපොළේ එළවළු ඊයේ දිනයේ ද ඉහළ මිලකට අලෙවි වූ බව ය. මේ පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අලෙවි හා අහාර හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ මෙම තත්ත්වය තවත් මසක පමණ කාලයක් පැවතිය හැකි බව ය.