"අධිකරණය රඟ මඩලක් නො‍වෙයි"

"අධිකරණය කිසිවෙකුගේ රඟ මඩලක් නො‍වෙයි" - කීත් නොයාර් නඩුවේදී විනිසුරුවරිය කියයි

by Sagarika Chathumali 30-05-2018 | 7:31 PM

COLOMBO (News 1st) : මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධාන විශ්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයට අධිකරණය අද දැඩි අවවාදයක් කළේ ය.

ඒ, සැකකරු ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මෙම නඩු කටයුත්තට අනවශ්‍ය ලෙස නීතීඥවරුන් යොදා ගනිමින් නඩුව වෙනත් මගකට නොයවන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කළා ය. මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ, එය මාධ්‍යයට ප්‍රචාරයක් විය හැකිවුවත්, අධිකරණය නොමග යැවීමක් බවයි. අධිකරණය තවදුරටත් දන්වා සිටියේ, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය එවැනි අවස්ථාවන් පාලනය කර ගැනීමට වග බලා ගත යුතු බවයි. අධිකරණය කිසිවෙකුගේ රඟමඩලක් නොවන බව ත්, එවනි ක්‍රියාවලින් සැකකරුට අගතියක් විය හැකි බව ත් විනිසුරුවරිය කියා සිටියා ය. මේ අතර කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කථානායක කරු ජයසූරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ලබා ගෙන ඇති බව රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළා ය. මධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණසේකර මහතා ලබන මස 13 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්, ලෝචනා අබේවික්‍රම වීරසිංහ, මාධ්‍යවේදී කීත් නොයාර් , නඩුව, හමුදා මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල්, අමල් කරුණසේකර