by Hashini De Mel 29-05-2018 | 8:10 PM
COLOMBO (News 1st) - සිරස - ශක්ති සහන යාත්‍රාව වෙත ජනතාව භාරදුන් ද්‍රව්‍යාධාර අද ගම්පහ - බියගම ප්‍රදේශයේ පීඩාවට ලක් වූ ජනතාවට ලබා දුන්හ.
හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර රැගෙන සහන යාත්‍රා කණ්ඩායම බියගම දකුණ යටවත්ත ප්‍රදේශයට පැමිණියේ ය.
අනතුරුව ගම්පහ විජේරාම විහාරස්ථානය අසළදී ද්‍රව්‍යාධාර බෙදා දීම සිදු කෙරිණි.