යක්කලින් හමු වූ මෝටර් රථයවල සැබෑ හිමිකරු කවු ද?

යක්කලින් හමු වූ සුඛෝපභෝගී මෝටර් රථයවල සැබෑ හිමිකරු කවු ද?

by Hashini De Mel 29-05-2018 | 3:46 PM

COLOMBO (News 1st) - යක්කල, බැලුම්මහර ගොඩගෙදර පන්සල පාරේ තිබි ව්‍යාජ අංක තහඩු යෙදු හයිබ්‍රිඩ් මොටර් රථ 2 ක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථ දෙකේ අයිතිකරුවන් මෙතෙක් සොයා ගෙන නොමැති බවයි. එක් මෝටර් රථයක් නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇත ත් මේ වන තෙක් ඔහු සොයා ගැනීමට පොලීසියට නොහැකි විය. අනෙක් මෝටර් රථය කොහුවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඉන් අනතුරුව පොලීසිය කොහුවල ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේදී යක්කලින් සෙයා ගත් මෝටර් රථයේ අංකයට සමාන ලියාපදිංචිය සහිත මෝටර් රථයක් සොයා ගෙන තිබේ.