නූපේ නිමි ඇඳුම් අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක්

නූපේ නිමි ඇඳුම් අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක්

by Sagarika Chathumali 29-05-2018 | 7:55 AM

COLOMBO (News1st) : අද අලුයම නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු මාතර, නූපේ ප්‍රදේශයේ පිහිටි  නිමි ඇඳුම් අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු  එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි. වෙඩි තැබිමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.