දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද සුළං

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද සුළං

by Sagarika Chathumali 29-05-2018 | 7:46 AM

COLOMBO (News 1st) : දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය මැයි අනිද්දා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා මුහුදු ආශ්‍රිතව ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන්, ජීවිත අහිමි වූ සංඛ්‍යාව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවදුරටත් පුද්ගලයින් 70376 දෙනෙකු අවතැන් වී ඇති බවයි. ඔවුන් කඳවුරු 265ක රඳවා තිබේ. මේ වන විට ආපදා හේතුවෙන්, පූර්ණ නිවාස හානි 121ක් සිදුව ඇති අතර අර්ධ නිවාස හානි 5205ක් වාර්තා වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 20 පුද්ගලයින් 174 310 දෙනෙකු පීඩාවට පත් ව සිටින බවයි.