දකුණු පළාතේ වසා දැමු පාසැල් හෙට සිට විවෘත කෙරේ

දකුණු පළාතේ වසා දැමු පාසැල් හෙට සිට විවෘත කෙරේ

by Hashini De Mel 29-05-2018 | 4:03 PM

COLOMBO (News 1st) - දකුණු පළාතේ පැතිරි ගිය උණ රෝගය හේතුවෙන් වසා දැමු පාසැල් හෙට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් වයි. වික්‍රමසිරි මහතා සඳහන් කළේ, ඒ අනුව වසා දැමූ ප්‍රාථමික පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු හෙට ආරම්භ වන බවයි. දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන්, සියලු පාසල්වල ප්‍රාථමික අංශ 28 වන දා දින සිට වසා තැබීමට පියවර ගෙන තිබුණි. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අධ්‍යාපන කලාප 7ක පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වසා දැමුණු පාසල් හෙට යළි ආරම්භ කරන බවයි. ඊට අමතරව පළාතේ සියලු පෙර පාසැල් මේ සති අන්තය දක්වා වසා දැමීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.