තේ අපනයනයන ආදායම ඉහළ යයි

තේ අපනයනයන ආදායම ඉහළ යයි

by Hashini De Mel 29-05-2018 | 4:27 PM

COLOMBO (News 1st) - මේ වසරේ මුල් කාර්තුවේදී මෙරට තේ අපනයනයෙන් ඉපැයූ ආදායම වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවසයි.

එම වෙබ් අඩවිය පැවසූවේ, එය වසර 4 කට පසුව මෙරටින් වාර්තා වූ ඉහළ ම තේ අපනයන ආදායම බවයි. ඒ අනුව මෙරට මේ වසරේ මුල් කාර්තුව තුළ තේ අපනයනයෙන් ඉපැයූ ආදායම් අමෙරිකානු ඩොලර් මිලියන 478 ක් වනු ඇති. මීට පෙර මීට වඩා ඉහළ ආදායමක් වසරේ මුල් කාර්තුව තුළ තේ අපනයනයෙන් උපයා ඇත්තේ 2014 වසරේ ද වන අතර එහිදී ඉපැයූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 508.7 ක් ලෙස සටහන් විය.