COLOMBO (News 1st) - මුදලට ක්‍රිකට් තණතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණය පිළිබඳව චෝදනා එල්ලවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ස්පෝට්ස්ෆස්ට් සමග අදහස් පළ කළහ.
අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින්, සිදු කළ අනාවරණයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්ට මුදලට ක්‍රිකට් තනතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කළේ ය.
එහිදී අනාවරණ කළේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග ද මෙම ගනුදෙනු සම්න්ධයෙන් සාකච්ඡා කළ බව ය.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක, දිල්හාර ලොකුහෙට්ටිගේ,
මම ජාත්‍යන්තර ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් ඉන්ටර්නැෂනල් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් මොකද ක්‍රීඩා කරන කාලෙදීවත් මට කිසිම චෝදනාවක් තිබ්බේ නෑ ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව නවත්තලා මගේ දරුපවුලත් එක්ක මෙහට ඇවිල්ලා ඉන්නේ නිදහසේ ජීවත් වෙන්න දැන් මේ වෙනකොට මේ වගේ දෙයක් ඒගොල්ලෝ මගේ මොකද මගේ ක්‍රිකට්වලටයි මගේ නමටයි මගේ ඉමේජ් එකටයි එච්චර ඔය කරන දේ හොඳ නෑ මොකද මගේ ගාව එවිඩන්ස් තියෙනවා ඩොක්ටස්ලා දුන්න අනිත් එක මට ක්‍රිකට් ගහන්න බෑ ඒ ඔක්කොම මගේ ගාව තියෙනවා මම අනිවාර්යෙන් ඒ ගොල්ලන්ට විරුද්ධව ලීගල් ඇක්ෂන් එකක් ගන්නවා. ඕනේ වෙලාවක මම ලෑස්තී මොකද මම ලංකාවට ක්‍රීඩා කරපු පරණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් රටට අපකීර්තියක් කරන්නට කැමති නෑ
චෝදනා එල්ලවන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන්ත කුලතුංග දැක් වූ ප්‍රතිචාරය මේ...
හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ජීවන්ත කුලතුංග,
මේක වෙලා අවුරුද්කට විතර කිට්ටුයි දැන් අපි හම්බ වෙච්ච දවස. මගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න ඕනේ මං මේකට. ඒකට ඕනෑම් වෙලාවක සූදානම් කියලා මම මාධ්‍ය නිවේදනයක් දීලා තියෙනවා විද්‍යුත් තැපෑලෙන් මම අල්ජසීරා ආයතනයටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් දැනුම් දීලා තියෙනවා. අපි පොඩ්ඩක් ඉවසලා ඉන්න ඔනේ ඉතින් එක පාරටම අපිට මේකට පිළිතුරු ලැබෙන්නේ නැහැ. අවස්ථාව ආවාම ඕනෑම අවස්ථාවක මම කියලා තියෙනවා මම ඉදිරිපත් වෙලා මගේ නිර්දෝෂි භාවය ඔප්පු කරන්න ඉදිරියට එන්න කැමති කියලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති, මොහාන් ද සිල්වා,
විශේෂයෙන් නිලවරණයක් ළං වෙනකොට එක එක දේවල් මතු වෙනවා එක පාරට මේක ඒ හේතුව නිසාම ද කියන එක අවිශ්වාසයත් පොඩ්ඩක් තියෙනවා. අපි එක් තමයි සී.අයි.ඩී එකට භාර දිලා තියෙන්නේ. අපි මේ ගැන තියෙන ක්‍රියාමාර්ගය තියෙන අඩුපාඩු හොයලා බැලීමක්. ඒ කට්ටිය කැඳවලා ගොඩ්ෆ්‍රි දාබරේලයි කමිටුවේ අය සාකච්ඡා කළා දැන් තියෙන ක්‍රියා මාර්ගය මොකක්ද මේකෙන් වෙන ඉම්පිලිටේෂන් එක ඉට පස්සේ මින් ඉදිරියට මේවා වලක්වාගන්න අපි කොහොමද ක්‍රියා කරන්නේ කියලා තියෙන අඩු පාඩු ටික
මුදලට ඇතැම් පාර්ශවයන්ට වාසි සහගත ලෙස තණතිලි සකස් කිරීම පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදී ද තොරතුරු අනාවරණය විය.
ගාලු ක්‍රීඩා සමාජයේ හිටපු ලේකම් හැලඹගේ ප්‍රේමසිරි මහතා 2016 වසරේ ඝාතනයට ලක්වීම පිටුපසත් ඇත්තේ මෙවැනි සිදුවීමක් ද?
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පාර්ශවයකට වාසි සහගත ලෙස මුදලට තණතීරු සැකසීම සම්බන්ධයෙන් අනාවරණයක් කළේ 2017 වසරේ සැප්තැම්බර් 18 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත් වූ වැඩමුළුවකදීයි.
මාලිංග මෙම අනාවරණය කළේ, සූරියවැව ක්‍රීඩාංගණයේදී ඔහු ලැබූ අත්දැකිමක් ද සිහිපත් කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ලසිත් මාලිංග,
පසුගිය තරග සංචාර කිහිපයේ දී අපි තණතීරුවට ගියහම අපි තණතීරුවට කියනව රයිට් අපිට මේ වගේ තණකොළ තියල දෙන්න. තණතීරුවට ගිහිල්ල තණතීරුවෙන් අඩි දෙකක් එහාට අනික් පැත්තට එනකොට තණකොළ කපනව. තණකොළ කපලා කියනව බ්ලේඩ් එක වැරදුනා කියල. මං දන්නෙනැ මොනවද උනේ කියන එක එක පාරක් නෙමෙයි දෙපාරක් මේක වෙලා තියෙනවා. උදේ පාන්දර තමයි දැන ගන්නේ ඇයි මේ තණකොළ කපලා තියෙන්නෙ කියල.
හිටපු ක්‍රීඩා අමාත්‍ය, දයාසිරි ජයසේකර,
දැන් ඇත්තටම මෙතෙන තියෙන්නේ දැන් ඉස්සර තිබුනේ මැච් ෆික්සිං. දැන් තියෙන්නේ පිච් ෆික්සිං. ඉතිං පිච් ෆික්සිං කියන්නේ දෙකක්. මැච් ෆික්සිං සහ පිච් ෆික්සිං කියන්නේ. මැච් ෆික්සිං කියන එක ගත්තාම ඒක ක්‍රීඩකයෝ විසින් කරන දෙයක්. දැන් මෙතෙන පිච් ෆික්සිං කියන එක අරගෙන තියෙන්නේ පිච් එක හදන පුද්ගලයා. තණතීරුව හදන පුද්ගලයා තමයි අර ටීම් එකට ඕන තණතීරුව මේ ටීම් එකට ඕන තණතීරුව කියලා ඔය චෝදනාව ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේකෙදි බොහොම පැහැදිලිව ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත දික්කරන්න ඇඟිල්ල දික් කරන්න බැහැයි කියලා තමයි මං විශ්වාස කරන්නේ. පැහැදිලිව මේ තණතීරු හදන අයට එරෙහිව ඒ කටයුත්ත අනිවාර්යයෙන් කළ යුතුයි
මුදලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා සිය අනාවරණය කළේ 2016 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරවාරයේ ඇති වූ සිදුවිම් කිහිපයක් මුල්කර ගනිමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රි දාඹරේ මහතා මෙම තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වන දා එවක ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ මහතාට යැවූ මේ ලිපියෙන් තව ත් කරුණු අනාවරණය වේ.
අභ්‍යන්තර මෙමෝපතක් ලෙස යවා තිබූ මෙම ලිපියේ සඳහන්ව තිබුනේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන ලෙසයි.
එම 15 දෙනා අතර මේවනවිට මුදලට තණතිලි වෙනස් කිරීමේ චෝදනා එල්ලවී ඇති තරිඳු ඉන්දිකගේ නම ද සඳහන් වේ.
ඔහු පළමුවරට ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස පත්කරන ලෙස දන්වා තිබුනේ මේ ලිපියෙනි.
ගොඩ්ෆ්‍රි දාඹරේ මහතාගේ ලිපියට පිළිතුරු යවමින් හැලඹගේ ප්‍රේමසිරි මහතා දන්වා තිබුනේ දැනට සිටින කාර්යය මණ්ඩලය වසර 15 කට අධික අත්දැකීම් ඇති අය බැවින් ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායම පත්නොකරන ලෙසයි.
ඒ වනවිටත් ජයනන්ද වර්ණවීර මහතාට එල්ලවී තිබූ තරග පාවාදිමේ චෝදනා නිසා ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්ති නාමයට හානිවී ඇති බැවින් මේ පිළිබඳව සලකා බලන ලෙස හැලඹගේ ප්‍රේමසිරි මහතා 2016 පෙබරවාරි 25 වන දා දාඹරේ මහතාට දැනුම් දී තිබුණි.
එහෙත් මෙම ඉල්ලීම නොසලකා හරිමින් එම වසරේ පෙබරවාරි 29 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ අත්සනින් නිකුත්කළ ලිපියක් මගින් ගොඩ්ෆ්‍රි දාඹරේ මහතා මුලින් නම්කල 15 දෙනා අදාළ තනතුරුවලට පත් කළහ.
එම පත්කිරීම් සිදුකළ ලිපියේ සඳහන් වන්නේ, ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා පිටිය සැකසීමට සමගාමීව මෙම පත්කිරීම් සිදුකළ යුතු බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන්වී දින කිහිපයකින් එනම් 2016 අගෝස්තු මාසයේ 12 වන දා පස්වරුවේ හැළඹගේ ප්‍රේමසිරි මහතා සිය පුත්‍රයා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණි.