සීඝ්‍රව පැතිරෙන උණ රෝගයේ බලපෑම දකුණු පළාතට පමණද?

සීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් උණ රෝගයේ බලපෑම දකුණු පළාතට පමණද?

by Hashini De Mel 28-05-2018 | 7:52 PM

COLOMBO (News 1st) - වෛරස් උණ රෝගීන් හේතුවෙන් දකුණු පළාතේ රෝහල්වල ළමා වාට්ටු සහ දැඩි සත්කාර ඒකකයන්හි දැඩි තදබදයක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය මහතා පැවසුවේ, කරාපිටිය රෝහල තුළ එම උණ රෝගය වැළඳුණු රෝගීන් 300 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය. වැඩිහිටියන් අතර මෙම උණ රෝගය පැතිර යෑම අවම මට්ටමක පැවතියද කුඩා දරුවන් අතර තවදුරටත් සීඝ්‍රයෙන් උණ රෝගය පැතිර යන බව ද ඔහු පැවසුවේ ය.