ලොකු ලූණු ගොවීන්ගේ ගැටලුවලට විසඳුම්?

ලොකු ලූණු ගොවීන්ගේ ගැටලුවලට විසඳුම්?

by Hashini De Mel 28-05-2018 | 6:09 PM

COLOMBO (News 1st) - ලොකු ලූණු ගොවීන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්. එම්. ඩබ්. වීරකෝන් මහතා සඳහන කළේ, මේ යටතේ දේශිය ලොකු ලූණු ගොවීන්ට බීජ සඳහා වැය වන මුදලින් 50% ක මුදලට රජයේ දායකත්වය ලබා දෙන බවයි. මේ අතර මාතලේ ගලේවෙල, දඹුල්ල කිඹිස්ස, මහවැලි එච් කලාපයේ සහ අනුරාධපුර ගලෙන්බිඳුණවැව ප්‍රදේශයේ ගොවීන් මුහුණ පා ඇති ගැටලු මුල් කර ගනිමින් මෙම පියවර ගත් බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.