රෝහිත අබේගුණවර්ධනගේ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

රෝහිත අබේගුණවර්ධනගේ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

by Hashini De Mel 28-05-2018 | 4:33 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුලි 06 වන දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා අද නියෝග කර ඇත.

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 2 යි මාස 03 ක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපලවල හිමිකාරිත්වය දැරීමට අදාළව විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල විය. ඔහු අද දින අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ය. එම කරුණු සලකා බැලු ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කර ඇත.