යාපනෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙක් අතුරුදන්

යාපනෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙක් අතුරුදන්

by Sagarika Chathumali 28-05-2018 | 11:54 AM

COLOMBO (News 1st)  : යාපනය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදන් වී තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, පෙරේදා පස්වරුවේ යාපනය, කුරුකට්ටුවාන් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති ධීවරයින් තිදෙනෙකි. ඊයේ පෙරවරුවේ අදාළ පිරිස දුරකතනයෙන් නිවැසියන්ට අමතා මුහුද රළු බව පවසා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ අතුරුදන් වූ අදාළ පිරිස සෙවීම සඳහා නාවික හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙහෙයුමක් දියත් කර ඇති බවයි. https://www.youtube.com/watch?v=IXZij4LNGTg