දකුණේ පාසල්වල ප්‍රාථමික අංශ තාවකාලිකව වැසේ

දකුණේ පාසල්වල ප්‍රාථමික අංශ තාවකාලිකව වැසේ

by Sagarika Chathumali 28-05-2018 | 6:26 AM

COLOMBO (News 1st)  : දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද දින වසා තැබීමට පියවර ගෙන තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සඳහන් කළේ, ගාල්ල, මාතර, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අධ්‍යාපන කලාප 7 ක පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 30 වන දා යළි ආරම්භ කරන බවයි. ඊට අමතරව පළාතේ සියලු පෙර පාසල් ජුනි 4 දක්වා වසා දැමීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම ද සලකා එම පියවර ගත් බවයි. අද දින නිවාඩුව වෙනුවට අතිරේක දිනයක පාසල් පැවැත්වෙනු ඇති. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, යළි ලබන බදාදා පාසල් සමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.