ගිනි අවි 2ක් සමග දෙදෙනෙක් පෑළියගොඩදී පොලිස් දැලේ

ගිනි අවි 2ක් සමග දෙදෙනෙක් පෑළියගොඩදී පොලිස් දැලේ

by Sagarika Chathumali 28-05-2018 | 2:39 PM
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පෑළියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ කටාන, කළුවාරිප්පුව ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කටාන, ඉද්දගොඩැල්ල ප්‍රදේශයේදී රිවෝල්වරයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 33 හැවිරිදි අදාල පුද්ගලයා කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේ ය.