ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙලට සියල්ල සූදානම්

ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙලට සියල්ල සූදානම්

by Hashini De Mel 28-05-2018 | 7:06 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙල ලබන 7 වන දා ආරම්භවීමට නියමිතව තිබේ.

පූනේ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සිනමා උළෙලේදී සිනමා පට 23 ක් තිරගතවීමට නියමිත ය. ඊට මලයාලම් සිනමා පට 4 ක් සහ හින්දි සිනමා පට 3 ක් ඇතුළත් වේ. සිනමා උළෙල අවසානයේ ජුරිය විසින් තෝරාගන්නා හොඳම සිනමා පටයට (Golden Lotus ) රන් නෙළුම සම්මානය හිමි වනු ඇති.