අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට

by Hashini De Mel 28-05-2018 | 8:47 PM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්ව දෙන්නේ, දිවයින හරහා හා දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයයේ වැඩිවීමක් තවදුරටත් පවතිනු ඇති බවයි. මේ අතර අධික වැසි හේතුවෙන් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් එක් ලක්ෂ හැත්තෑ හතරදහස් තුන්සිය හය දෙනෙකු තවදුරටත් පීඩාවට පත් ව සිටි. අපදාවට පත්වුවන් ආරක්ෂිත ස්ථාන 265 ක පවුල් 17,976 කට අයත් පුද්ගලයින් 70,376 දෙනෙකු රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. පැවති අපදා තත්ත්වයෙන් නිවාස 121 කට පුර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 5,205 කට ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසුවේ, ව්‍යපාරික ස්ථාන 166 කට හානි සිදුව ඇති බවයි. මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති අතර තව ත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඇද හැලු අධික වාර්ශාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවී තිබේ. කුඹුක්කඩවල, කරුක්කුමඩුව වැව වාන් දැමීමත් හේතුවෙන් කොළඹ පුත්තම ප්‍රධාන මාර්ගයේ මදුරන්කඩවල සිට කුඹුක්කඩවල, ජයරාජපුර ප්‍රදේශයේ ඇති පාලමක් විනාශ විය. මේ හේතුවෙන් කුඹුක්කඩවල, නගරයේ පිහිටි රෝහල්, පාසල් හා සියලු රාජ්‍ය ආයතනවලට ළගාවීමට නොහැකිවීම තුළ ජනතාවට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. වත්තල, හැදල, දික්ඕවිට ඇතුළු පහත් බිම් ප්‍රදේශ කිහියක තවමත් ජලය රැඳී පවති. අපදා තත්ත්වයට මුහුණදුන් පවුල් 60 පමණ වත්තල හැඳල කෙරවලපිටිය විද්‍යලෝක විද්‍යාලයේ තවදුරටත් රඳවා ඇත. ගම්පහ ගනේමුල්ල, ගම්පහ - ජා ඇල ප්‍රධාන මාර්ග තවමත් ජලයෙන් යටවී ඇත. ගම්පහ නගරය අවට බොහෝ පහත් බිම් රැසක තවමත් ජලය රැඳී තිබෙන අයුරු අද අප කළ සංචාරයේදී දැකගත හැකි විණි. මේ අතර ගම්පහ විජයාරාම විහාරස්ථානයේ තවමත් පවුල් 15 ක පමණ ජනතාව රැඳීසිටියේ තවමත් තම නිවාස කරා ගමන් කළ නොහැකිවීම හේතුවෙනි.