අමෙරිකානු හිටපු ජනපති HW බුෂ් රෝහල්ගත කෙරේ

අමෙරිකානු හිටපු ජනපති ජෝර්ජ් H W බුෂ් රෝහල්ගත කෙරේ

by Sagarika Chathumali 28-05-2018 | 7:27 AM

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් රෝහල්ගත කර තිබේ.

93 හැවිරිදි වියේ පසුවන අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් රුධිර පීඩනය පහළ යාම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ පෞද්ගලික රෝහලක ඔහු ප්‍රතිකාර ලබන බවයි. පසුගිය මාසයේදී ද හිටපු ජනාධිපතිවරයා ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලක සති කාලයක් ප්‍රතිකාර ලැබීය. ඒ තම භාර්යාව වන බාබරා බුෂ්ගේ අවමංගල්‍යයට පසු දිනයේදීයි. ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් අමෙරිකාවේ 41 වන ජනපතිවරයා වන අතර සිය පුත් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් අමෙරිකාවේ 43 වන ජනපතිවරයායි.