අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සොයා ගනී

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

by Chathuranga Rajapaksha 27-05-2018 | 8:16 AM

COLOMBO (News 1st) - මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේදී ජල පහරකට හසුව අතුරුදන් වූ පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් මහතාගේ මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම නිලධාරියා අතුරුදන් වූ ස්ථානයට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් සොයාගත් බව ය. ඔහු මාදම්පේ පොලිසියට අනියුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි. 29 හැවිරිදි ඔහු ගිරිඋල්ලේ පදිංචි අවිවාහක තරුණයෙකි.