.webp)
දැන් ගෝඨාභය මහත්තයා පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙන්න යනවා කියලා රාවයක් තියෙනවා. ඒ ගැන ඔබතුමා සෑහෙන්න දැඩි ලෙස එතුමාගේ තියෙන අඩුපාඩුත් එක්ක ඔබතුමා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඒ කියන්නෙ දැන් එක්සත් ජාතික පක්ෂයෙන් බැරි වෙලාවත් ඔබතුමා යෝජනා කළොත් එහෙම ජනාධිපති අපේක්ෂකයා විදිහට මොකද කරන්නෙ?තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,
ඔව් ඉතින් කට්ටියක් ගෝඨාභය රාජපක්ෂ ගේන්න ඕනෙ කියලා කියනවා. රටේ ජනතාවගෙ ඉල්ලීමක් එකපාරක් තිබුණා මාව ඒ තනතුරට ගේන්න නාමයෝජනා ගෙනාවා. ජනතාව මතින් එහෙම යෝජනාවක් වුණොත් අපි දේශපාලනඥයෝ හැටියට ඒවට මුහුන දෙනවා. ගෝඨාභය රාජපක්ෂට මම පුද්ගලිකව පහරදීමක් නෙමෙයි කරන්නෙ. දේශපාලනයේදී අපි දන්න දේවල් කියන්න ඕනෙ. අපි යමෙක් ගැන දන්නවා නම් එයාගෙ චරිතය, එයාගේ ගතිගුණ, එයාගේ ක්‍රියාකලාපය ජනතාව ඒවා ගැන දැනුවත් කරන එක තමයි අපේ රාජකාරිය.