තරග පාවා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන තොරතුරක්

තරග පාවා දුන් බව කියන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන තව ත් තොරතුරු මාධ්‍යයට නිකුත් වෙයි

by Hashini De Mel 27-05-2018 | 9:40 PM

COLOMBO (News 1st) - මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් අල්ජසීරා රූපවාහිනී නාළිකාව අද ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහි මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් ය. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින් සිදු කළ මෙම සොයා බැලීමේදී අදාළ තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන් වේ. 2016 වසරේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයත්, පසුගිය වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේදී පැවැති තරගයේදීත් අදාළ ඔට්ටු තැබීම සිදු කර තිබේ. එම තරගවලදී ඔට්ටු තබන්නාට අවශ්‍ය වන පරිදි තණතීරුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා රොබින් මොරිස් ලෙස හඳුන්වන පුද්ගලයා සම්බන්ධ කර ගෙන ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස සේවය කරන තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස් ය. මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්වල ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ යන ක්‍රීඩකයින් දෙදෙනා මේ අකාරයෙන් තරග පාවාදීම සහා වන සාකච්ඡාවකට සම්බන්ධ වන වීඩියෝ පටයක් අද අල්ජසීරා රූපවාහිනිය නිකුත් කළේ ය. මේ අතර අල්ජසීරා රූපවාහිනිය මගින් අද දිනයේදී රොබින් මොරිස් සහ පකිස්ථාන හිටපු ක්‍රීඩකයෙකු වන හසන් රාසා අතර තරග පාවාදීමක් සම්බන්ධයෙන් වන විඩියෝ පටයක් අන්තර් ජාලයට නිකුත් කර ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසූවේ, ඉහත සිදුවීම විමර්ශනය සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට සහයෝගය ලබා දෙන බවයි. මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමග සාකච්ඡා කර ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය.