ගිනි අවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අතුරුගිරියේදී අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 27-05-2018 | 9:55 AM

COLOMBO (News 1st) - අතුරුගිරිය, මුල්ලේගම, හෝමාගමදී ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 760 ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 සහ 36 හැවිරිදි හෝමාගම පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.