ගම්මැද්ද කප්පාච්චි ගම් වැසියන්ගේ පවස නිවා ලූ වගයි!

ගම්මැද්ද කප්පාච්චි ගම් වැසියන්ගේ පවස නිවා ලූ වගයි..!

by Hashini De Mel 27-05-2018 | 8:45 PM

COLOMBO (News 1st) - වව්නියාව, කප්පාච්චි ගම්මානයේ පවුල් 103 කට වැඩි පිරිසක්, යුද්ධයෙන් පසු මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වූයේ පානීය ජල ගැටලුවයි.

ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතය මීට වසරකට පෙර එම අභියෝගය භාර ගෙන අද ඊට ස්ථිර විසඳුම් ලබා දුන්නේ ය. නවලෝක පොලිසැක්ස් සමාගමේ සභාපති උපාලි ධර්මදාස මහතාගේ දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෙන් මෙම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරිණි. වව්නියාව, කප්පාච්චි ගම්මානයේ වැසියන්ගෙන් වැඩි පිරිසක් දිවි සරි කර ගන්නේ, කුලී වැඩවල නිරත වීමෙනි. ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් කිසිවක් හරිහැටි නොමැති මේ ජනතාවට බීමට ජලය ගෙන ඒමට කිලෝමීටර් 6 ක් පමණ දුරක් යා යුතුව තිබිණි. එම ජලය ද බීමට තරම් සුදුසු නොවුයේ ලවන මිශ්‍රවීම නිසාවෙන් ය. මේ ගැටලුව අප හඳුනාගත්තේ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේදී යි. මෙම ව්‍යාපෘතියට නායකත්වය ලබා දුන්නේ නිව්ස්ෆස්ට් කණ්ඩායමේ ක්‍රිස්ටිනා රත්නම් වේ. මේ අවස්ථාවට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් ඩී. පී ගමගේ, නිව්ස්ෆස්ට්, නව මාධ්‍ය අධ්‍යක්ෂ කන්දවේල් මයුරන්, ගම්මැද්ද ජාතික සංවිධායක කෙනෙත් වීරක්කොඩි ඇතුලු පිරිසක් ද එක්විය. ජනතාව විසින් නායකත්වය ලබාදෙන ඔබේ ගම්මැද්දෙන් තව ත් ව්‍යාපෘතියක් මෙසේ අද ජනතා අයිතියට පත් කෙරුණු වගයි.