අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

by Chathuranga Rajapaksha 27-05-2018 | 9:02 AM

(News 1st) - අයර්ලන්තයේ ගබ්සා තහනම ඉවත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ, ඊයේ පැවති ජනමත විචාරණය, 66.4% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජය ගැනීම හේතුවෙනි. අයර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගබ්සාව තහනම් වන අතර එවැන්නක් කළ හැක්කේ මවගේ ජීවිතය අවදානම් අවස්ථාවකදී පමණි. ජනමත විචාරණය ජයග්‍රහණය කිරිමත් සමග ගබ්සාව නීතිගත කරමින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වනු ඇති. මේ අතර 2015 වසරේදී අයර්ලයන්තය සමලිංගික විවාහ සඳහා අනුමැතිය ලබා දුන්නේ ඒ, සඳහා පැවති ජනමත විචාරණය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.