අද සිට වැසි අඩුවන බවට අනාවැකි

අද සිට වැසි අඩුවන බවට අනාවැකි

by Chathuranga Rajapaksha 27-05-2018 | 7:06 AM

COLOMBO (News 1st) - දිවයිනේ නිරිතදිග කොටසේ තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සබරගමුව, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව ය. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමිටර් 70 80 දක්වා වැඩිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.