අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

27 May, 2018 | 7:16 am

COLOMBO (News 1st) – Update – අඛණ්ඩ තද වැසි තත්ත්වයේ අඩුවක් පැවතිය ද දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, පවතින අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත.

දිස්ත්‍රික්ක 20 ක පවුල් 19519 ක් තවදුරටත් ආරක්ෂිත ස්ථාන 339 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

පවතින අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් 55,553 ක් කඳවුරු 265 රඳවා ඇති බව ය.

ගංවතුර හා නායයාම් හේතුවෙන් පිඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 153,712කි.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 105 ක් සහ අර්ධ නිවාස හානි 4,708 ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මේ අතර කළු ගඟ මිල්ලකන්ද හා අඟුරුවාතොට ප්‍රදේශවලින් මෙන්ම අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් තව දුරට ත් ‍සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ නිල්වලා, ගිං සහ කැලණි ගංගා මෙන්ම මා ඔය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ය.