රෝහලෙනු ත් අවසන් නොවූ මගුල් ගෙදර ගැටුම

රෝහලෙනු ත් අවසන් නොවූ මගුල් ගෙදර ගැටුම

by Sagarika Chathumali 26-05-2018 | 1:54 PM
COLOMBO (News 1st)  : යටියන්තොට, කරවනැල්ල රෝහලේ දේපළවලට හානි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, යටියන්තොට පරුසල්ල ප්‍රසෙද්ශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව තුවාල ලැබූ දෙදෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ අනෙක් පාර්ශවය ඊයේ රාත්‍රී රෝහලට පැමිණ එහි දේපළවලට හානි කර ඇති බවයි. ප්‍රදේශයේ මංගල උත්සවයක් අතරතුර මෙම ගැටුම සිදුව ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.