by Staff writer 26-05-2018 | 9:07 PM
COLOMBO (News 1st) - කොළඹ 02 පාක්ලන්ඩ් ගොඩනැගිල්ලේ පිහිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කාර්යාලය අද පරීක්ෂාවට ලක් කෙරිණි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එම කාර්යාලය පරීක්ෂාවට ලක් කෙරුණේ, පර්පෙචුවල් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස් මහතා ඉදිරියේ ය.
පරීක්ෂාවට අදාළ ලියකියවිලි තබා ඇති ස්ථාන තමන් නොදන්නා බව මෙහිදී ජෙෆ්රි ඇලෝෂියස් මහතා සඳහන් කළ බව වාර්තා වේ.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, අදාළ පරිශ්‍රයේ ඇති බඩු බාහිරාදිය අගුල් දමා ඇති බවත්, එහි යතුරු තමන් සතුව නොමැති බවත් ය.
අවසානයේ විමර්ශන නිලධාරීන්ට සිදු වූයේ එම පරිශ්‍රය මුද්‍රා තැබීමට ය.
විමර්ශන නිලධාරීන් අද මෙම පරීක්ෂාව සිදු කළේ, පසුගිය 24 වන දා කොටුව මහේස්ත්‍රාත්වරිය ලබා දුන් අවසරයක් අනුව ය.
එහිදී මහේස්ත්‍රාත්වරිය ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස් මහතාට නොතීසි නිකුත් කරමින් සඳහන් කළේ, අද දිනයේ අදාළ පරීක්ෂාව සඳහා විමර්ශන නිලධාරීන්ට සහය ලබා දෙන ලෙස ය.