අප කෙරෙහි විශ්වාසය තැබූ සහෘද ඔබට අපගේ ප්‍රණාමය

අප කෙරෙහි විශ්වාසය තැබූ සහෘද ඔබට අපගේ හදපිරි ප්‍රණාමය...

by Staff writer 26-05-2018 | 10:28 PM
COLOMBO (News 1st) - ගංවතුරට මැදිව පීඩාවට පත්ව සිටින අපේ ම ජනතාවට පිළිසරණක් වෙමින් ඇරඹුණු ජන හද මෙහෙයුම, සිරස - ශක්ති  සහන යත්‍රාවට ජනතාව භාර දුන් භාණ්ඩ වියළි ආහාර හා පානීය ජල බෝතල් අදත් පීඩාවට පත් ජනතාව වෙත ලබා දුන්නේ ය. සහන යාත්‍රාව, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය හා පරිත්‍යාගශීලි සත්පුරුෂ ජනතාවගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. පුත්තලම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට ද්‍රව්‍යාධාර බෙදා දීම සඳහා ඊයේ උදෑසන ආරම්භ කළ සහන යාත්‍රා ක්‍රියාන්විතය අවසන් වූයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ය. මෙරට පරිත්‍යාගශීලීන් ලබා දුන් ද්‍රව්‍යාධාර අප පීඩාවට පත් ජනතාවගේ දෑතටම ලබා දුන්නේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ ද සහය ඇතිව ය. මේ අතර අද උදෑසනත් කොළඹ බේබෘෘක් පෙදෙස පිහිටි සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සිට තවත් කණ්ඩායමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව සොයා ගමන් ආරම්භ කළේ ය. ඔවුන් සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කළේ උඩුබද්දාව, කට්ටිමහන, ශාන්ත ආනා දේවස්ථානයෙනි. මේ අතර පරිත්‍යාගශීලි හදවත් ඇති පිරිස් තවදුරටත් පීඩාවට පත් අපේ ම ජනතාව වෙනුවෙන් සිරස ප්‍රධාන කාර්යාලය වෙත අදත් තමන්ට හැකි අයුරින් ආධාර ගෙනවිත් දුන් අයුරුයි මේ... https://www.youtube.com/watch?v=kbu2U2sKMYQ