සිරස – ශක්ති සහන යාත්‍රාව අද ත් පීඩාවට ජනතාව සෙයා ගමන් අරඹයි

සිරස – ශක්ති සහන යාත්‍රාව අද ත් පීඩාවට ජනතාව සෙයා ගමන් අරඹයි

සිරස – ශක්ති සහන යාත්‍රාව අද ත් පීඩාවට ජනතාව සෙයා ගමන් අරඹයි

කර්තෘ Sagarika Chathumali

26 May, 2018 | 8:04 am

COLOMBO (News 1st) : ජල ගැලීම්ලින් හා නායයාම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා ක්‍රියාත්මක සිරස – ශක්ති සහන යාත්‍රාවේ තවත් අදියරක් අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ.

ඔබ ලබාදුන් අධාර රැගත් සිරස – ශක්ති සහන යාත්‍රාව අද උදෑසන තෙවන දිනටත් කොළඹ 2 බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සිට කුරුණෑගල බලා ගමන් ආරම්භ කළේ ය.

ඒ අනුව දිවයිනේ නන් දෙසින් ලැබුණු ආධාර අද කුරුණෑගල උඩුබද්දාව ප්‍රදේශයේ විපතට පත් ජනතාව අතට පත් කරනු ඇති.

මේ අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ජනාතව ලබාදුන් පරිත්‍යාග රැගෙන ඊයේ මෙන් ම පෙරේදා දිනවලදී ද සිරස – ශක්ති සහන යාත්‍රාව දිස්ත්‍රික්ක කිහිපයක් බලා ගමන් කළේය.

ඊයේ දිනයේ අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වු පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාවට අධාර බෙදා දීම සිදු කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]