English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
26 May, 2018 | 10:09 am
මලයාසියා පොලීසිය එරට හිටපු අගමැති නජිබ් රසාක්ට සම්බන්ධතා ඇති නිවාස කිහිපයක කළ සෝදිසි මෙහෙයුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 27කට ආසන්න මුදල් තොගයක් සොයා ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් අගමැති ධුරයේ සිටින සමයේ එරට සංවර්ධන අරමුදලක (1MDB) මුදල් අවභාවිත කිරීම සම්බන්ධ විමර්ශනවලට අදාළව මෙම වැටලීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය පවසා ඇත්තේ මැතිවරණ ප්‍රචාරක අරමුදල් තොගයක් එලෙස පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇති බවයි.
වාණිජ අපරාධ අංශයේ ප්‍රධානි අමාර් සිං විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, බෑග් 35 ක තිබී එම මුදල් තොගය සොයාගත් බවයි. ඊට අමතරව තවත් බෑග් 37 ක තිබී ඔරලෝසු සහ ස්වර්ණාභරණ ද සොයා ගෙන ඇති අතර තවමත් ඒවායේ වටිනාකම ගණනය කර නොමැත.
මේ අතර පසුගිය දා මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසේ තිබී අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ තිස් පන්දාක් ඇතුළු විදේශ මුදල් තොගයක් එරට පොලීසිය සොයා ගනු ලැබිණ. ඒ අතර ශ්‍රී ලංකා රුපියල් දෙ කෝටි අසුහත් ලක්ෂයක මුදල් තොගයක් ද සොයා ගැනීම විශේෂත්වයකි.
මැයි 9 වන දා පැවති මලයාසියානු මහමැතිවරණයෙන් , පරාජය වූ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව ඊට පසුදිනම දූෂණ චෝදනා එල්ල වීම විමර්ශනය ඇරඹිණ.
2009 වසරේදි අගමැති ධූරයට පත් රසාක් 2008 වසරේ සිටම මලයාසියානු රජයේ මුදල් ඇමතිකම හෙඹවීය.
මලයාසියාවේ දුක් විදින ජනතාව වෙනුවෙන් යැයි පවසමින් , 2009 වසරේදී ආරම්භ කළ වන් මලයාසියා ඩිවලොප්මන්ට් බර්හැඩ් නම් සංවිධානයේ , උපදේශක මණ්ඩල සභාපතිවරයා වූයේද අගමැති රසාක් ය.
ඩොලර් බිලියන ගණන් ගලා ආ සංවර්ධන අරමුදලේ මුදල් , 2014 වසර වන තෙක් කිසිඳු විනිවිදභාවයකින් තොරව රසාක්ගේ හවුලේ වුවමනාවන්ට වියදම් කර ඇති බවට 2015 වසරේදී චෝදනා එල්ල විය.
එක් මලයාසියාවක් සඳහා එක්රැස් වූ ජනතා මුදල් එක් පුද්ගලයෙකුගේ පසුම්බියට වැටී ඇති බවට චෝදනා කළ එවක විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් වැඩි යමක් කීමට පෙර සිපිරි ගෙට යැවු රසාක් පාලනය , මුදල් වංචා චෝදනා එක හෙළා ම පෙතික්ෂේප කළේ ය.
එහෙත් අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව හා බුද්ධි අංශ ගොනු කළ කරුණුවලට අනුව සංවර්ධන අරමුදලෙන් අමරිකානු ඩොලර් බිලියන 4.5 ක් පිටරට පටවා ඇති රසාක් හවුල , ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 684 ක් සෘජුව අගමැතිවරයාගේ ගිණුමකට බැර කර තිබිණ.
මහතීර් මොහහොමඩ් අගමැති ධුරය භාර ගත් පසු අලුත් වූ විමර්ශනවලට අනුව ක්වාලාලම්පුර්හි , පිහිටි රසාක්ගේ සුපිරි නිවාසය මලයාසියානු පොලීසිය සෝදිසියට ලක් කළේ ය.
එහිදී සුඛෝපාභෝගී ගමන්මලු 284 ක් , අත්බෑග 72 ක් , මුදල් පිරවූ මලු විශාල සංඛ්‍යාවක්, රණ් ආභරණ තොගයක්, වටිනා අත්ඔරලෝසු තොගයක් සොයා ගැනිණ. එම මුදල් අතර තිබී රුපියල් මිලියන 28.7 ක් වටිනා ශ්‍රී ලංකා මුදල් නොට්ටු තොගයක් ද හමුවිය.
විමර්ශනවලින් හෙළි වී ඇති කරුණු අනුව වන් මලයාසියා සංවර්ධන අරමුදලේ මුදල් අමරිකාව , සිංගප්පූරුව ,හා ස්විට්සර්ලන්තය යන රටවල ගිණුම්වලට බැර කර ඇති හිටපු අගමැති හවුල එම මුදල්වලින් ලාස් වේගස්හි සුපිරි හෝටලයක්, සුඛෝපභෝගි කුඩා යාත්‍රාවක් , ජෙට් යානයක්, දියමන්ති ආභරණ , පිකාසෝ චිත්‍රයක් මිල දී ගෙන තිබේ.
මලයාසියානු මහ මැතිවරණයෙන් නජීබ් රසාක් පරාජයට පත් වූ අතර 92 හැවිරිදි මහතීර් මොහොමඩ් එරට නව අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.
08 Sep, 2020 | 12:12 PM
09 Aug, 2020 | 07:27 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS