සැඩ පහරකට හසුවූ පොලිස් කොස්තාපල් අතුරුදන්

පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු මාදම්පේදී සැඩ පහරකට හසුව අතුරුදන් වෙයි

by Chathuranga Rajapaksha 25-05-2018 | 4:29 PM

COLOMBO (News 1st) - පොලිස් කොස්තාපල්වරයෙකු මාදම්පේදී සැඩ පහරකට හසුව අතුරුදන් වෙයි.

මාදම්පේ, මැටිහේන ප්‍රදේශයේ, ගංවතුරෙන් කොටු වී සිටි පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, බිංගිරිය වැවක වැව් බැම්ම කැඩී යාම හේතුවෙන්, මැටිහේන ප්‍රදේශයේ ළමුන් ඇතුළු පිරිසක් කොටු වී සිටින බවට ලද තොරතුරක් මත ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට අද දහවල් ගොස් ඇති බව ය. එහිදී අදාළ පොලිස් නිලධාරියා ළමුන් ඇතුළු පිරිසක් කොටු වී සිටින ස්ථානයට යාමට උත්සහ කිරිමේදී මෙම අනතුරුට මුහුණ පා තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, මාදම්පේ පොලිසියට අනියුක්තව රාජකාරි කළ 29 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. මේ අතර, ගංවතුරට කොටු වී සිටි මැටිහේන ප්‍රදේශයේ පවුල් 5 සමාජිකයින් නිරුපද්‍රිතව මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.