by Staff writer 25-05-2018 | 7:09 AM
COLOMBO (News 1st) - Updates
ප.ව. 1.30: මාදම්පේ, මැටිහේන ප්‍රදේශයේ ජලයට කොටු වූ පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු සැඩ පහරට හසු වී අතුරුදන් වී තිබේ.
ප.ව. 12.00: ජල ගැලීම් හා ගංවතුරින් පුද්ගලයින් 127913කට පීඩා: මිය ගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ යයි.
පෙ.ව. 9.23: දියගල ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
වාන් දොරටු 20කින් සමන්විත තබ්බෝව ජලාශ්‍රයේ සියලු වාන් දොරටු විවෘත කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළේ, අවදානම් ස්ථානවලින් ජනතාවට ඉවත් වන ලෙස උපදෙස් දී ඇති බව ය.
දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 125000කි.
පුද්ගලයින් 55000 ඉක්ම වූ පිරිසක් කඳවුරුවල රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය තවදුරටත් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම්වල ජලය බැස යමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා පැවසුවේ ය.
රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක ය.
මේ අතර සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන් ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි