ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක්

කොදෙව් ටෙස්ට් තරගාවලියට ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක් - දිනේෂ් චන්දිමාල්

by Chathuranga Rajapaksha 25-05-2018 | 10:45 PM

COLOMBO (News 1st) - බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම හොඳ සුදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඔහු එම අදහස් පල කළේය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3කින් සමන්විතය. එහි පළමු තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්
මම හිතන්නේ කණ්ඩායමක් විදිහට අපි සියලු දෙනාම සූදානම් ඉතාමත් ලොකු අභියෝගයක් අවුරුදු 10 ට පස්සේ අපිට ආපහු ටෙස්ට් සංචාරයක් හම්බෙලා තියෙන්නේ ඉතින් අපි තරගාවලියක් ජයග්‍රහණය කරලා නෑ දක්ෂතා අතරට උපරිම එන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ලොකු අභියෝගයක් දෙන්න පුළුවන් වෙස්ට්ඉන්ඩීමස් කණ්ඩායමට
ධනංජය ද සිල්වා පිළිබඳව ද එහිදී දිනේෂ් චන්දිමාල් අදහස් පල කළේය.
කණගාටුව ප්‍රකාශ කරනවා ධනංජයට සහ එයාගේ ෆැමිලි එකේ අයට කණ්ඩායමේ සියලු දෙනාට මම හිතන්නේ කණගාටුදායක ආරංචියක් ධනංජයගේ පියා නැතිවීම මම හිතන්නේ පාඩුවක් ධනංජය නැති එක ඔහු අන්තිම තරග සංචාර තුන හතරෙම ඉතාමත් අත්‍යාවශය පිතිකරුවෙක් අවශ්‍ය වෙලාවේ ලකුණු රැස් කරපු