by Staff writer 25-05-2018 | 7:29 AM
COLOMBO (News 1st) - කඩුවෙල පාලම සම්බන්ධ කරමින් ඉදිකෙරෙන තාවකාලික පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් සිදු වන බව අප වාර්තාකරු පවසයි.
බියගම හා කඩුවෙල යා කෙරෙන මෙම පාලම සම්බන්ධ එක් ඉවුරක් ඛාදනය වීම නිසා තාවකාලික පාලමක් ඉදිකිරීමට රාත්‍රී 8.00 සිට මාර්ගය වසා තැබිණි.
එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ඉන්ජිනේරුවන් පවසා ඇත්තේ, අද උදෑසන 8.00 පමණ වන විට තාවකාලික පාලම ඉදිකර රථ වාහන ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව ය.