සිරස - ශක්ති සහන යාත්‍රාව ගමන් ඇරඹෙයි

සිරස - ශක්ති සහන යාත්‍රාවේ පළමු ආධාර තොගය අද විපතට පත් ප්‍රදේශ වෙතට

by Hashini De Mel 24-05-2018 | 8:05 AM

COLOMBO (News 1st) - ජල ගැලීම්වලින් හා නායයෑම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා ක්‍රියාත්මක සිරස - ශක්ති සහන යාත්‍රාවට ජනතාව ලබාදුන් ආධාරවල පළමු තොගය අද විපත්ට පත් ජනතාව සිටින ප්‍රදේශ වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

එම අධාර රැගත් රථ අද පෙරවරු 8.30 ට සිරස මුලස්ථාන පරිශ්‍රයෙන් පිටත්වීමට සැලසුම් කර ඇත. මෙහිදී පළමු අදියර යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට අධාර රැගත් රථ යැවීමට තීරණය කර තිබේ.