ෂැංහයිහි තීන්ත කම්හලකින් ගින්නක්

ෂැංහයිහි තීන්ත කම්හලකින් ගින්නක්

by Hashini De Mel 24-05-2018 | 10:27 AM

COLOMBO (News 1st) - චීනයේ ෂැංහයිහි පිහිටි තීන්ත කම්හලක ගින්නක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෂැංහයිහි ෆෙන්සියෑන් ප්‍රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක මෙම ගින්න හටගෙන ඇති බවයි. එරට වේලාවෙන් දහවල් 2.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ඉන් නැගෙන කලු දුමාරයෙන් ප්‍රදේශයේ වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එරට පොලීසිය හා ගිනි නිවන භටයින් එක්ව පැය 3 කට ආසන්න කාලයක් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත. ෆෙන්සියෑන්හි පරිසර අධික්ෂණ අංශය පැවසූවේ, ඉන් පිටවන දුමාරයෙන් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බවයි. ගින්නෙන් පුද්ගල මරණ කිසිවක් මෙතෙක් වාර්තාවී නොමැත. මේ අතර ගිනි ඇතිවීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.