by Sagarika Chathumali 24-05-2018 | 10:34 PM
COLOMBO (News 1st) - රත්මලානේ සිදු වූ වෙඩි තැබීමකින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන කේ. රන්ජන් සිල්වා මහතා මිය ගොස් තිබේ.
ඊයේ රාත්‍රී 8.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණේ, රත්මලාන ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ය.
පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ය.
වෙඩි තැබීමෙන් මිය ගිය 62 හැවිරිදි කේ. රන්ජන් සිල්වා මහතා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියණන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.