නිට්ටඹුවේ වෙඩි තැබිමකින් මවක මියයයි

නිට්ටඹුවේ වෙඩි තැබිමකින් මවක මියයයි

by Sagarika Chathumali 24-05-2018 | 5:56 PM
COLOMBO (News 1st)  : නිට්ටඹුව, හත්වඩුන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් මවක මියගොස් පුත්‍රයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔවුන් සතුව ඇති මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බවයි. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා එම අවස්ථාවේදී මවට සහ පුතාට වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් පසුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුත්‍රයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. අද දහවල් 1.00ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.