දුම්රිය වෘත්තිය සමිති වැඩවර්ජනයක

දුම්රිය වෘත්තිය සමිති වැඩවර්ජනයක

by Hashini De Mel 24-05-2018 | 6:24 AM

COLOMBO (News 1st) - දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, දුම්රිය භාණ්ඩ පරීක්ෂකවරුන්ගේ සහ දුම්රිය ශන්ටර්වරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමිනි. සිය වැටුප් ගැටලු විසඳීමට දුම්රිය බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් සහ දුම්රිය ශන්ටර්වරුන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට යොමු වී ඇත. දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී. එම්. පී. පීරිස් මහතා පැවසුවේ, ඊට සහය පළ කරමින් තමන් ද වැඩවර්ජනයට එක් වූ බවයි.