දිස්ත්‍රික් 3කට තවදුරටත් මහ වැසි සමග ගංවතුර

දිස්ත්‍රික් 3කට තවදුරටත් මහ වැසි සමග ගංවතුර

by Sagarika Chathumali 24-05-2018 | 7:57 PM
COLOMBO (News 1st)  :අධික වර්ෂාවත් සමග පිඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ විසි පන් දහස් නමසිය පනස් හතරක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි. අවතැන් වූ පුද්ගලයින් පනස් හතර දහස් දෙසිය පහකට අධික පිරිසක් කඳවුරු 251 ක රඳවා ඇතැයි, ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති දිස්ත්‍රික්ක ගණන 19 කි. රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය තවදුරටත් වලංගුයි. පසුගිය දින 5 කාලය තුළ එම දිස්ත්‍රික්කවලට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එම රතු නිවේදනය නිකුක් කිරිමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=8r31Kz60Svw https://www.youtube.com/watch?v=wI3WpA8i0GI