කැලණිය විශ්වවිද්‍යාලයේ  98 වන උපාධි ප්‍රදානෝත්සවය

කැලණිය විශ්වවිද්‍යාලයේ 98 වන උපාධි ප්‍රදානෝත්සවය

by Sagarika Chathumali 24-05-2018 | 7:21 PM

COLOMBO (News 1st)  : කැලණිය විශ්වවිද්‍යාලයේ 98 වන උපාධි ප්‍රදානෝත්සවය අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, පශ්චාත් උපාධි අධ්‍යනාංශයේ පීඨාධිපති මහාචාර්ය ජේ.එම්.ඩී. ආරියරත්න මහත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව සිටියහ. මෙහිදී විෂය ක්ෂේත්‍ර ගණනාවකින් පර්යේෂණ අධ්‍යනයන් සිදු කළ විද්‍යාර්ථයින් රැසකට පශ්චාත් උපාධි පිරිනැමිණ. News 1st නාලිකා ප්‍රධානී සුරංග සේනානායක මහතා ද අද පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී ජන සන්නිවේදනය පිළිබඳ දර්ශනපති උපාධිය දිනා ගත්තේ ය. ඒ, ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවලදී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති දේශපාලන සන්නිවේදන ශක්තිය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණය වෙනුවෙනි.