කඩුවෙල පාලම තාවකාලිකව වසා දැමේ

කඩුවෙල පාලම තාවකාලිකව වසා දැමේ

by Sagarika Chathumali 24-05-2018 | 6:29 PM
COLOMBO (News 1st)  : බියගම හා කඩුවෙල යා කෙරෙන කඩුවෙල පාලම අද රාත්‍රී 8 සිට හෙට උදෑසන දක්වා වසා තැබෙන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි. අධික වර්ෂාවත් සමග සෝදා ගිය එම පාලමේ ප්‍රවේශ ස්ථානයේ තාවකාලික පාලමක් ස්ථාපනය කිරීමට නියමික බැවින් අදාළ කාලය තුළදී පාලම වසා තැබෙන බව එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී සිටී. මේ අනුව අධිවේගී මාර්ගය ආසන්නයෙන් කඩුවෙලට සහ බියගමට ප්‍රවේශවීමට ඇති මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.