සහන යාත්‍රාවට ඔබ දුන් ද්‍රව්‍යාධාර ජනතාව අතට

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප එලෙසින්ම ඔවුන්ට සමීප කළ වගයි..!

by Sagarika Chathumali 24-05-2018 | 8:50 PM
COLOMBO (News 1st)  : ජනතාවගේ අධාර උපකාරයෙන් රැස්කළ වියලි ආහාර හා පානීය ජල බෝතල් රැගත් සිරිස ශක්ති සහන යාත්‍රාව අපදාවට ලක්වු ජනතාව සොයා අද උදෑසන පිටත් විය. දින තුනක සිට රත්මලාන ස්ටැයින් මැදිරි සංකීර්ණයේ, දෙපානම කාර්යාල පරිශ්‍රයේදී ජනතාව වෙනුවෙන් එක්රැස් කළ ද්‍රව්‍යාධාර ඇසුරුම් කිරීම කොළඹ මූලස්ථාන පරිශ්‍රයේදී අද අලුයම වන තෙක් සිදුකෙරිණ. අද උදෑසන ආගමික වාතාවත්වලින් අනතුරුව අපදාවට පත්වූ සහෝදර ජනතාව සොයා සහන යාත්ත්‍රාව දිවයිනේ ප්‍රදේශ තුනක් බලා පිටත් විය. සංවේදී හදවත් ඇති ජනතාව , අසරණ ජනතාව වෙනුවෙන් ලබාදුන් ද්‍රව්‍යාධාර , ‍ බෙදාහැරීම සදහා රත්නපුර හා කෑගල්ල හා නවලපිටිය බලා පිටත්ව ගියේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ , දිමියාව ප්‍රදේශයට අද පස්වරුවේ එක් සහන යාත්‍රා කණ්ඩායමක් ළඟා විය. දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළ සහන , යාත්‍රා කණ්ඩායම බෝට්ටු මගින් දිමියාව අවතැන් කඳවුරු වෙත ගොස් ද්‍රව්‍යාධාර ලබාදුන්නේ ය. කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග පවුල් 90කට ආසන්න සංඛ්‍යාව මෙම ගම්මානයේ අවතැන් වී සිටිති. ද්‍රව්‍යාධාර රැගෙන දිමියාව ගම්මානයට පිරිසක් ළඟා වූ පළමු අවස්ථාව මෙය වීම නිසා ඔවුන්ගේ ගැටලු සහන යාත්‍රා කණ්ඩායම වෙත ඉදිරිපත් කළේ ය. රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂ උදය කුමාර මහතා හා කොට්ඨාස ජීවිතාරක්ෂක නිලධාරීන් සහන යාත්‍රා කණ්ඩායමට මෙම ද්‍රව්‍යාධාර බෙදාහැරීම සහය ලබා දුන්නේ ය. https://www.youtube.com/watch?v=GD7MC4tqw0A